නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

ස්වර්ණවාහිනිය ප්‍රවෘත්ති කියනවද.....ප්‍රවෘත්ති කනවද...??????

මිට කාලයකට ඉහත සෑම රූපවාහිනි නාලිකාවකම වලේ ප්‍රවෘත්ති හරිම වැදගත් විදියට කිව්ව..බලන් ආසයි..ඒකට දැන්...විශේෂයෙන් ස්වර්ණවාහිනයෙ නිව්ස්....බලන්න හිරිකිතයි....කට ඇද කරගෙන...මූන විකාර රූපී කරගෙන...කටහඩටත් මොකක්ද කරගෙන ...අනේ මන්ද.....මට නම් හිතෙන්නෙ එයාල ප්‍රවෘත්ති කියනවට වඩා ප්‍රවෘත්ති කනව කියල.....නදීක කරුණානායකයි.......තමන්ගේ නමවත් හරියට කියා ගන්න බැරි ෂාරා කෝරලගේයි(එයාගෙ නම ඉෂාරා කෝරලගේ...එත් කියන්නෙ ෂාරා කෝරලගේ කියල...)තමයි හොඳටම නිව්ස් කන්නෙ....මම කියනවට බලන්නකො අවදානයෙන්...ස්වර්ණවාහිනියෙ ඈයො....නිව්ස් කන හැටි...
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

චිරං ජයතු අමරදේවයනි...........

අද දින උපන් දිනය සමරන.....
හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි.........
සියක් ආයු ලැබ........
හෙළ සංගීත කෙත ......
පෝෂණය කරන්නට........
ඔබට ශක්තිය....ධෛර්යය.....නිරෝගී සුව....
නොමඳව ලැබේවායි.....
ඉත සිතින් සුභ පතමු.......

Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

අනේ අපේ සල්ලි.......දුප්පත් අපි පව් නැද්ද...............

බැලුවද ඉරිද ලංකාදීප පත්තරේ.....මමත් තවම බැලුවෙ පිටුදෙකයි....ඉතුරු ටික බලන්න කලින් මේක ලියලම ඉන්න හිතුන...මේව ලිව්ව කියල ඇති වැඩක් නෑ....ඒත් මේව දැක දැක කොහොමද මොනවත් නොලිය ඉන්නෙ....ඔක්කොටම කළින් ලංකාදීප පත්තරේ තියෙන මේ ලිපිය බල  ඉන්නකො...
කොහොමද වැඩේ.....ඇමති පට්ටම් ලැබුණ නැති ආණ්ඩුවෙ මන්ත්‍රීන්ට රුපියල් කෝටි 135(ලක්ෂ 13500)ක වියදමින් ප්‍රාඩෝ මෝටර් රථ අරන් දීල.(එක වාහනයක් කෝටි දෙකක් විතර වෙනව..)මෙච්චර කල් මේ අය ගියෙ පයින්ද දන්නෙ නෑ ගියෙ..එක පාරටම මෙච්චර සල්ලි කන්දරාවක් නාස්ති කරල මේ තරම් සුඛෝපභෝගී වාහන අරන් දුන්නෙ...මේ මන්ත්‍රීන්ට හිමි තීරුබදු රහිත වාහනයට අමතරව තමයි මේක දීල තියෙන්නෙ....මේ සල්ලි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුදගලික සල්ලි වලින් අරන් දුන්න නම් කමක් නෑ...මේව අරන් දීල තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්....මෙහෙමත් අපරාධ කරන්න හිතක් කොහොම පහල වුණාද දන්නෙ නැ....සංවේදී නායකයට.මේ සිද්ධිය,රටේ සල්ලි නිකරුනේ නාස්ති කරනව කියල පෙන්නන ආසන්නම සිද්ධිය විතරයි.....මිට අමතරව තව කොච්චරනම් දේවල් කරල රටේ සල්ලි නාස්ති කරනවද....මහ ආණ්ඩුවෙ කාලකන්නි  මැති ඇමති රොත්ත බුරුත්ත නඩත්තු කරන්න යන වියදම ගැන අපි කවුරුත් දන්නවනෙ....ඒත් සාමාන්‍ය ‍පොදු ජනතාවට නොදැනෙන .....මුදල් නාස්ති කිරීම් කොච්චර තියෙනවද.....එක උදාහරණයක් කියන්නම්....පොදු ජනතාවට සත පහක සේවයක් නොවන පළාත් සභාවල ඉන්න මහ ඇමති වරු අට දෙනයි....ඒවයෙ ඇමති වරු 32යි....මන්ත්‍රී වරු 500 වැඩි ගණනකුයි නඩත්තු කරන්න කොච්චර මුදලක් නම් යනවද....ඒත් ඒ අයට වියදම් කරන මුදලින් කාටද සෙතක් වෙන්නෙ..එයාලට ඇරෙන්න.....හිඟා නොකා හිඟාකන රජයේ සේවකයින්ගෙ පඩි වැඩිකරන්න සල්ලි නැති ආණ්ඩුටවට.....දුප්පත් ජනතාවට සහන දෙන්න සල්ලි නැති ආණ්ඩුවට.....මේ වගේ නාස්ති කරන්න නම් සල්ලි ඕන තරම් තියෙනව.....මේ නාස්ති කරන්නේ දුප්පත් අපේ සල්ලි නිසයි...මෙච්චර හිතට දුක.....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

AlertPay ගිණුමේ සල්ලි Master card/Visa Card වලින් ගන්න ක්‍රමයක් තියෙනවද....

AlertPay ගිණුමේ තියෙන සල්ලි චෙක් පත් වලින් ගෙන්න ගන්නෙ නැතුව  Master card/Visa Card වලින් Teller  Machine එකකින් ගන්න පුළුවන්ද.....එහෙම ක්‍රමයක් තියෙනවනම් දන්න කෙනෙක් කරුණාකර විස්තර කරල දෙන්නකො......එහෙම කරන්න පුළුවන්නම් ගොඩක්ම ස්තුතියි......
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

අපේ කෙනෙක් මෙහෙම සම්මාන ගන්නකොට කොච්චර ආඩම්බරද....?


මේ ලිපිය දාන්න හිතුනෙ අද පත්තරේ තිබුණ පොඩි ආටිකල් එකක් දැකල.....ඇත්තටම අපේ ගමේ කෙනෙක්,අපේ ඉස්කෝලෙ කෙ‍නෙක්,අපේ රටේ කෙනෙක් විදේශයකදි මෙහෙම සම්මාන ලබන කොට හිතට දැනෙන සතුට....හිතට දැනෙන ආඩම්බරය කියන්න වචන නෑ නේද.......
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

සිවුරක් පොරවගෙන බුදු දහම විකුණාගෙන කෑම...

අද ලංකාදීප පත්තරේ (2010 නොවැම්බර් මස 21 වැනිදා) 19 පිටුප පුරාම එක්තරා දුරකථන සමාගමක දැන්වීමක් පළවෙලා තිබුණා..මෙන්න මේ විදිහට.....
අතිපූජ්‍ය කිරබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ සහ අතිපුජ්‍ය නාවල පිටියේ ආරියවංශ ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරන්න..
·       මෙම සේවයට ලියාපදිංචි වීමට ඔබගේ ..................................(දුරකථන සමාගමේ නම) දුරකථනයෙන් 500 අමතන්න.විනාඩි 30 ට රුපියල් 30යි.
·       ලියාපදිංචි නොවී මෙම සේවය ලබාගැනීමට 510 අමතන්න.විනාඩියකට රුපියල් 2 යි...
එක්සත් අරාබි කරයේ  සමාගමකට අයත් දුරකථන ජාලයක් එක්ක  එකතු වෙලා නිර්මල බුදු දහම මෙහෙ‍ම විනාඩි ගණනට විකුණන්න සිවුරකුත් පොරවගෙන ඉන්න ඥානානන්ද හාමුදුරුවන්ට විලි ලැජ්ජාවක් නැද්ද... මේ වගේ පහත් ව්‍යාපාරික අරමුණු ඔස්සේ බුදු දහම ප්‍රචාරය කරන අරමුණෙන් නිර්මල බුදු දහම විකූණන එක මොනතරම් පාප කර්මයක්ද...මේ ගැන වැඩිය ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ....අපේ රටේ ඉන්න ඥානවන්ත ස්වාමීන් වහන්සේලා සහ ඥානවන්ත බෞද්ධයින්,නොයෙක් නොයෙක් වේශයෙන් බුදු දහම විකුණන,බුදු දහම විකෘති කරන මේ වගේ සංඝ වේෂ ධාරීන්ගෙන් බුදුදහම රැක ගන්න එකතු විය යුතු කාලය එළඹිලා කියලයි මතක් කරන්නෙ....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

රටේ පැතුම......



පුරා වසර තිහක් පැවති රුදුරු ත්‍රස්තවාදය මෙරටින් මුලුනුපුටා දැමීමට සෘජු තීරණයක් ගත්,දේශීය හා ජත්‍යන්තර බලවේග හමුවේ නොසැලී එම තීරණ්‍ය ක්‍රියාත්මක කර ශ්‍රී ලාංකීය ජාතියටම නිදහසේ අරුණළු ගෙන ආ නායකයාණෙනි.....
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි.....
ඔබට සුභ උපන් දිනයක් වේවා...
දිනූ රට ගොඩනගන්නට ඔබට ශක්තිය ‍ධෛර්යය ලැබේවා......
දේශපාලන භේදයකින් තොර අප සැමගේ පැතුම එයයි...
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

එකොලොස් ලක්ෂයක් හිටෙව්වා......කීයක් ඉතුරු වෙයිද....?

ජනාධිපති තුමාගෙ දෙවන පදවි ප්‍රාප්තිය මුල් කරගෙන පහුගිය දිනක පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්ව කියල් කව්රුත් දන්න‍වනෙ...මේක බොහොම හොඳ වැඩක් කියල හැමෝම වගේ කියනව....බැලූ බැල්මට එහෙමත් පේනව....ඒත් කවුරුත් නොදකින පැත්තක් ගැන තමයි මේ කියන්නෙ....
උත්සව ශ්‍රීයෙන් හිටවපු පැල හොයාගන්න ඇත්තෙ කොහෙන්ද.........ආකාර දෙකකින් හොයාගන්න ඇති කියල මට හිතෙනව.......
  • පැල තවාන් වලින් මිලදී ගන්න ඇති.......
  • ස්භාවිකව කොහේ හරි වැවිල තිබුණ පැල ගලවල ගේන්න ඇති.......

දැන් මේ දෙක වෙන වෙනම බලමු........

  1. සාමාන්‍ය මිනිහෙක් පැල තවානකින් පැලයක් මිලදී ගන්නෙ ඒ පැලය තමන්ට අවශ්‍ය නිසා.....එහෙම මිලදී ගන්න පැල ගෙනිහින් පරිස්සමට හිටවල බොහොම පරිස්සමට සාත්තු කරල කොහොම හරි ඒ පැලය ලොකු කරගනී.....ඒත් මේ උත්සවයට පැල තවාන් වලින් ගත්ත පැල අර විදිහට පරිස්සමට බලා ගන්නෙ කව්ද.....පාරක් පාරක් ගානෙ ....එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වල පිටිපස්සෙ උත්සවශ්‍රීයෙන් රෝපනය කළ පැල,රුක් රෝපණ උත්සවය ඉවර වෙනවත් එක්කම තනිවෙනව....ඒව රැක බලා ගන්න හිටවපු මැති ඇමතිලත් නෑ.....නිලධාරිත් නෑ...කවුරුවත් නෑ.....කාලයක් ගිහින් මේ පැල මැරිල යාවි....එතකොට මොකක්ද අවසානයේ වුනේ....පැල තවානට පැලත් නෑ......පැල මිලදී ගත්ත සල්ලි නිකං වියමක් කලා විතරයි....

  1. ස්වභාවිකව කොහේ හරි සරුවට වැවිල තිබුණ පැලත් මේ උත්සවයෙදි හිටවන්න ගලවගෙන එන්න ඇතිනෙ......ඒවට අන්තිමට මොකද වෙන්නෙ...ඒවටත් අර කලින් කිව්ව දේම තමයි වෙන්නෙ.....ස්බාවිකව හැදුනනම් සරුවට හැදෙන පැල .....උත්සව තියල රෝපණය කරන්න ගිහින් නිකං මැරිල යන එක තමයි වෙන්නෙ...

පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්වා කියල උදේ හවස අණ බෙර ගහල විතරක් මදි....ඒ පැල රැකගන්න වැඩ පිළිවෙලකුත් සකස් කළා නම් නේද වටින්නෙ....නැත්නම් කෝටි ගණනක් වියදම් කරල උත්සව තියල ........පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්වට....අන්තිමට පැල එකොලහක් වත් ‍ඉතුරු වෙයිද කියලයි.....සැක....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

ස්වර්ණවාහිනිය පච වෙයි.......

ශ්‍රී ලාංකේය අභිමානය යැයි තමන් විසින්ම තමන් හඳුන්වා ගන්නා ස්වර්ණවාහිනිය විසින් වසරක් පුරා කන්දක් විළිලා වදන ලද පුංචි මී පැටවා ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී  ජනතාව ඉදිරියට ගෙන ආවා...ශ්‍රී ලංකාවේ අති දක්ෂ කලා කරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතුව පවත්වන ලද මෙගාස්ටාර් වැඩසටහන කිසිවෙකු බළාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් සහිතව ඊයේ  අවසන් විය....ඒ අජිත් පෙරේරා නැමැත්තෙකු ජයග්‍රහණය කරවමිනි...තරඟය පැවැත්වූ ආකාරය ගැන මුල සිටම සියළු දෙනා තුළම පැවතියේ සැකයකි...ඉතාම ජනප්‍රිය තරු වූ රංජන් රාමනායක,දමිතා අබේරත්න වැනි අය අජිත් පෙරේරා වැනි අය ඉදිරියේ  එස් එම් එස් ප්‍රථිපල මත ඉවත් වූවා යැයි කෙසේ පිළිගත හැකිද..ගායනය අතිනද් අජිත් පෙරේරා නැමැත්තා සිටියේ ඉතාමත් පසු ගාමී තත්ත්වයකය...මෙවන් මාතෘකාවක් ගැන වැඩිදුර කථා කිරීමත් මෙගා ස්ටාර් නැරඹීම(විශේෂයෙන් ළහිරු පෙරේරා ගේ නිවේදන කටයුතු)වැනි නීරස,තේරුමක් නැති වැඩකි.......ස්වරණවාහිනි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙපණකි.....ඔබ ආයතනය විසින් මෙගා ස්ටාර් කරවිමට මුල සිටම වෙර දැරූ අජීත් පෙරේරා නැමැත්තා..කවරෙක්ද...ඔහු කුමන ක්ෂේත්‍රයක දක්ෂතා දක්වන්නෙක්ද.....මෙගාස්ටාර් වු අජිත් පෙරේරා යනු කවරෙක්ද යන්න ජනතාවට දැනුම් දීමට තවත් මෙගා ස්ටාර් වැඩසටහනක් කළ යුතුව ඇත.
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

අත්තනායක එම් හේරත් මහත්තයෝ.........

ඔබතුමා නිරන්තරයෙන් ජනමාධ්‍ය තුළින් අපේ රටේ ජනතාවට බණ දෙසා බානවනෙ....අනේ මන්ද....හැමදාම එබතුමා ජාතක පොතේ කථා උපුටා දක්වලනෙ බණ දෙසන්නෙ...ඔබ තුමා හැසිරෙන්නෙ ජාතක පොත ඔබ තුමා ලිව්ව වගේනෙ.....ඒත් කියන්න කණගාටුයි ජාතක පොතේ තිබුණ කියල ඔබ තුමා කියන බොහෝ දේවල් පන්සිය පනස් ජාතක පොතේ නම් නැ.....(ඔබ තුමා කියන්නෙ වෙන ජාතක පොතක් ගැනද දන්නෙ නෑ...)යහපත් විදිහට හැසිරෙන විදිහ...යහපත් පවුල් ජීවිතයක් ගත කරන හැටි කියන ඔබ තුමාට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මෙන්න මේ කවිය හොඳට කියවල තේරුම් ගන්න.......රට ඉදිරියෙ විහිළුවක් ...විහිළු සපයන්නෙක් වෙන්නෙ නැතුව....
ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිටි
දුසිරිත් දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බණ වැනි...
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

නින්දා ප්‍රශංසා සහ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ....

මේ දවස් කීපයේම බ්ලොග් අඩවි කීපයකම දැක්කා කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවො ගැන සහ උන් වහන්සේ ගේ දේශනා ශෛලිය ආදී නොයෙකුත් කරුණු ගැන..ගොඩක් ප්‍රතිචාර තිබුණෙ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ව හෙලා දැකල.උන් වහන්සේට නින්දා කරල..ම‍ට නම් හිතෙන්නෙ ගොඩක් දෙනා කරුණු හරියට නොදැන තමන්ට අහන්න දකින්න ලැබෙන සමහර කරුණු විකෘති කරල චෝදනා කරනව කියල.....උන් වහන්සේට කරල තිබුණ චෝදනා වලට ගැලපෙන පිළිතුරක් උන්වහන්සේ විසින් සිළුමිණ පත්තරයට ලියල තිබුණ...මම හිතනව මේ පිළිතුර කියෙව්වනම් උන්වහන්සේට චෝදනා කරන අයට උත්තරයක් ලැබෙයි කියල.....(මම මේ පිළිතුර උපුටා ගත්තෙ බ්ලොග් අඩවියකින්..ඒත් මට දැන් ඒකෙ නම මතකයට එන්නෙ නැ....සමාවෙන්න ඕන අනවසරයෙන් උපුටා ගන්න සිදු වුණාට...)
-උපුටා ගැනීම-

සිළුමිණ යනු ඉතාමත් සාරගර්භ ලිපි සමුච්චයකින් සුසැදි බොහෝ කලක් ජනප්‍රසාදය දිනාගත් ජාතික පුවත්පතකි. එවන් උදාර මෙහෙවරක යෙදී සිටි සිළුමිණ වෙසක් කලාපයේ වෙසක් අතිරේකය කියැවූ මාහට මහත් පුදුමයක් ඇතිවිය. එනම් එහි ලිපි බොහෝ සෙයින් බුදු දහමින් බැහැරට ගොස් මඩ ප්‍රහාරයක ස්වරූපයක් ගෙන තිබීමයි. මෙහි ලිපි සැපයූ ඇතැම් ලේඛක භික්ෂූන්ගේ එකම අභිප්‍රාය වී තිබෙන්නේ මාගේ දහම් සේවාවට ගැරහීම පමණි. අප බුදුරජුන්ගේ තෙමඟුල සමරණ උතුම් වෙසඟෙහි දී ධර්මය අමතක වී එම අවස්ථාව මඩ ප්‍රහාරයකට යොදාගැනීම පැවිද්දන්ගේ පිරිහීම මැනැවින් කියාපාන්නක් නොවේද?

මාගේ දහම් සේවාවට ගැරහුම් ලැබෙන්නට පටන්ගෙන දැන් පස් වසරක් පමණ ගතවී ඇත. මේ පස් වසර පුරාවට එකම කරුණක් මතුකරමින් ගරහති. මෙනිසා මේ ගැරහීම්වලට පසුබිම් වූ කරුණුත්, මෙම ගැරහීම්වල ඇති නිසරු බවත්, පහදාදීම මගේ යුතුකමකි. මක්නිසාද යත්, නොවිමසා, අධ්‍යයනය නොකොට අනුන්ට නින්දා අපහාස ගැරහුම් කිරීම තුළින් බොහෝ දෙනෙක් පව් රැස්කරගන්නා බැවිනි.

මේ ගැරහීම්වල ඉතිහාසය මෙයයි. මා යටතේ පැවිදි වූ දෙනමක් සිටියහ. මා මේ දෙනමගෙන් එක් නමකට මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවත්, අනිත් නමට පිට්ටුගල අමාවතුර අසපුවත් භාර දෙන ලදී. ඒ ගෞතම බුදුරජුන්ගේ නිර්මල දහම පතුරා පින් රැස්කරගැනීම පිණිස ය. අසපු පරිපාලනය මා විසින් නොකළ බැවින් ඔවුන්ට නිදහසේ දායක පිරිස් සමඟ සම්බන්ධ වන්නටත්, එහි ආදායම් ලබන්නටත් නිදහස දී තිබුණි. මේ අවස්ථාවෙන් පින් රැස් නොකොට ඔවුහු ධර්මය වටා පැමිණි පිරිසටත්, ලාභ සත්කාරයටත් මත්වූහ.

මෙසේ පවිටු ආශාවෙන් මඬනා ලද සිතින් යුතු මේ දෙනම මාව මහමෙව්නා අසපුවෙන් පහකරන්නට කුමන්ත්‍රණයක් දියත් කළහ. මෙකී කුමන්ත්‍රණය නිසා එක්තරා මන්තරකාරියක වන යක්දෙස්සියකගෙන් සහය ගන්නා ලදී. මේ යක්දෙස්සිය සෝවාන් ඵලයට පත් කෙනෙක් වශයෙන් හුවා දක්වමින් මේ දෙනම මුලින් ම කරන ලද්දේ මගේ චරිතය ඝාතනය කිරීමයි.

එහෙත් එය මුළුමනින්ම අසාර්ථක විය. මෙයට මා මේ දෙනමට විනයානුකූලව පිළියම් කිරීමට සූදානම් වූ විට මේ දෙනම තවත් ඊර්ෂ්‍යාකාර පැවිද්දන්ගේ ද සහයෙන් විශාල අර්බුදයක් උපදවන ලදී. මෙයට කළකිරුණු මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ දායක පිරිසත්, මාළඹේ අමාවතුර අසපුවේ දායක පිරිසත් මේ දෙනමට විරුද්ධ වූහ. කෙළෙහි ගුණ නොදත්, ආචාර්ය ද්‍රෝහී පැවිද්දන්ට අපි අකමැති වෙමුයි තරයේ කියා සිටියහ. මේ ගැන මේ දෙනම සිතුවේ එය මා විසින් කරන ලද බවයි.

ඉන්පසු මා කෙරෙහි තවත් වෛර බැඳගත් මේ දෙනම සංඝාධිකරණයක් අවශ්‍ය යැයි කියමින් එකල මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් කළහ. මෙය සංඝයාගේ ගැටලුවකියි කියමින් ඇතැම් මහානායක හිමිවරුන් රවටාගෙන මට විරුද්ධව නොයෙක් පෙළඹවීම් කරන්නට මේ දෙනම සමත් වූහ. එය ද අසාර්ථක විය. ඉන්පසු එක නමක් කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුව ඉල්ලා මට විරුද්ධව නඩු පවරන ලදී.

ඒ නඩුවෙන් ඒ නම පරාජයට පත්විය. අනිත් නම ද මාලඹේ අමාවතුර අසපුවේ අයිතිය ඉල්ලා නඩු පැවරූ අතර, එහි තිබූ ඉල්ලීම් අතර මහමෙව්නාව යන නම ඒ නමගේ මුල් නමට භාවිතයට ඉල්ලා තිබුණි. එමෙන්ම මාගේ ආචාර්යත්වය ද ඉල්ලා සිටියේය. ඒ සියලු නඩු වාර්තා මා ළඟ තිබේ. මෙතරම් ම නරක යැයි කියන භික්ෂුවක් තම ආචාර්යවරයා වශයෙන් පත් කරන්න යැයි ඉල්ලා නඩු පැවරීම සිහි නුවණ ඇති කෙනෙකුට කළ හැකිද? ඔවුන්ගේ සියලු කටයුතුවල ඉලක්කය වූයේ මට සියල්ල එපා කරවීමයි. මා වටා ඇති ජනප්‍රසාදය ඔවුන්ට අත්කර ගත නොහැකි වීම ගැන ඔවුන් තවමත් පසුවන්නේ කණස්සල්ලෙනි.

අන්තිමේදී ඔවුන්ට මහමෙව්නාවෙන් ඉවත් වෙන්නට සිදුවිය. දැන් වෛරයෙහි කෙළවරක් නැත. ඊළඟට කරන ලද්දේ රාවය පුවත්පත නොමඟ යවා මා හට මඩ ප්‍රචාරයක් දියත් කිරීමයි. කොටින්ම ධර්මය අසන්නට මහමෙව්නාව වටා රොක් වූ ඇතැම් තරුණ දරුවන් නොමඟ යවා තම ගුරුවරයාට විරුද්ධව මඩ පෝස්ටර් ගස්සවන්නට තරම් මේ දෙනම නිර්ලජ්ජි වූහ. එය ද අසාර්ථක විය.

ඉන්පසු ඔවුන් කරන ලද්දේ තමන් හට ගෞතම සසුනේ පැවිදි බව ලබාදුන්, ධර්මය ඉගැන්වූ, ආයතන භාර දුන්, සමාජයට හඳුන්වා දුන්, මාධ්‍යයට හඳුන්වා දුන් තම ගුරුවරයා වන මාව විනාශ කිරීමේ පවිටු චේතනාවෙන් ලක්ෂ ගණන් වියදම් කොට විවිධ චෝදනා සහිත කැලෑ පත්තර මුද්‍රණය කොට සියලු විහාරස්ථානවලට යැවීමයි. එමෙන්ම සියලු රාජ්‍ය ආයතනවලට ද සියලු මාධ්‍ය ආයතනවලට ද, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද යවන ලදී.

ඔවුන්ගේ කාලය ශ්‍රමය ධනය ආදී සියල්ල වැයකොට පෞද්ගලිකවත්, මහානායක, අනුනායක, මහා ස්ථවිර, නවක ආදී භික්ෂූන් වහන්සේලා මෙන්ම මාධ්‍ය ප්‍රධානීන් ද හමුවී ඔවුන්ගේ ගුරුවරයා වන මා හට අනේකප්‍රකාර නින්දා අපහාස කොට මේ කිසිවක් නොදත් මේ අහිංසක පිරිස නොමඟ යවන්නට ඔවුහු මහන්සි ගත්හ. මේ උත්සාහය නම් හරි ගියේය. ඔවුන්ගේ අදහස ඉටු විය. එනම් ඔවුන්ගේ එකම අදහස වූයේ භික්ෂූන් ලවා තම ගුරුවරයාට නින්දා අපහාස ගැරහුම් ලබාදී සතුටක් ලැබීමයි.

එහෙත් ඔවුන්ගේ වෛරය සංසිඳුනේ නැත. එක නමක් ඉතාම වෛර සහගත සිතින් යුතුව බුදු සසුන අනතුරේනමින් මා හට නින්දා කොට පොතක් ලියන ලදී. එමෙන් ම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ලෙස භික්ෂූන්ගෙන් වරින් වර ඉල්ලා සිටින ලදී. මෙය පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, ශාසනික ප්‍රශ්නයක් බවත් ඉස්මතු කොට කියන ලදී. මොවුන්ගේ් ගැටයට හසුවූ භික්ෂූන් වහන්සේලා තවමත් මා හට නින්දා අපහාස කිරීමට පාදක කරගන්නේ මේ පිළිකුල් සහගත පොතෙහි ඇති කරුණුයි.

මේ පොතේ ඇති චෝදනා අතුරින් එකකි, අසපුව යන්න විග්‍රහ කොට ඇති චෝදනාව. එනම් බෞද්ධ විහාරස්ථාන නැති කිරීමේ අරමුණින් මා අසපුව යන නම තැබුවේලු. මෙය මහා පිළිකුල් සහගත චෝදනාවකි. ආශ්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යව තිබූ නමුත් එවිට මහමෙව්නාව ආශ්‍රමය යන්න දැම්මොත් එය නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහාමේඝවන ආශ්‍රමය කියා ය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙළබසට මා දැක්වූ ඇල්ම නිසාවෙන් මහමෙව්නාව අසපුව යන නම තැබුවෙමි. එමෙන්ම නිර්මල ධර්මය වසර දහසකට වඩා රැකදුන් අනුරපුර මහමෙව්නාවට ගෞරවයක් වශයෙනි මා එම නම තැබුවේ. සාරිපුත්ත, මොග්ගල්ලාන යන වචන හෙලබසට නැඟූ විට සැරියුත්, මුගලන් නම් ය.

බුද්ධ යන්න හෙළ බසට බුදුන් ය. එමෙන්ම ආශ්‍රමය යන්න හෙළ බසට අසපුව ය. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංගයන්ගේ සිංහල මහා ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ අසපුව යනු සිල්වතුන් වසන තැන නමිනි. මෙහි අරුමය නම් මෙයයි. අසපුව යන වචනයට විරුද්ධ වන කිසිවෙකුත් ආශ්‍රම යන වචනයට විරුද්ධ නොවීමයි. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අර අසත්පුරුෂ පොඩිනමගේ පොත කියවා කරුණු නොවිමසා මෙයට ගරහන බවයි. ඒ පොතේ ඇති පිළිකුල් සහගත චෝදනා බොහෝ ගිහි පැවිදි අය ගිල තිබෙන්නේ මත්ස්‍යයින් ඇම ගිලින පරිද්දෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්, මඩුවන්තුඩාවේ පඩිතුමා හා එක්ව පරිවර්තිත සිංහල මහාවංශයෙහි සංඝමිත්තා මහරහත් ස්ථවිරීන් ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩසිටි භික්ඛුනූපස්සය යන පාළි වදන හෙළ බසට හරවා තිබෙන්නේ මෙහෙණ අසපුව කියා ය. එතකොට ඒ උතුමන්ගේ පරිවර්තනය වැරදිද? නින්දා ගැරහුම් කිරීමේ අවශ්‍යතාව ඇති පුද්ගලයා ඉඩ ලද සෑම විටම බලන්නේ ඒ තම අවශ්‍යතාවය ඉටු කරගැනීමයි.

අර අසත්පුරුෂ පොඩිනමගේ පොතෙහි මාගේ ත්‍රිපිටක පරිවර්තනවලට බලවත් ලෙස නින්දා කොට තිබේ. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඒ නින්දා හිස් මුදුනින් පිළිගෙන දායකයන් විසින් පූජා කරන ලද මා පරිවර්තනය කරන ලද ත්‍රිපිටක පොත් වහන්සේලා පිළිකන්නේ තබා ගිනිතැබූ බව මම දනිමි. කෙනෙක් කළ යුත්තේ නින්දා පිළිගැනීම නොව මෙය සත්‍යයක්දැයි විමසීමයි.

කාටවත් නොතේරෙන සංස්කෘත ගාථා ශෛලියෙන් යුතු බුද්ධ ජයන්ති පරිවර්තනවල අඩුපාඩු එමට ය. මේ නිසා සූත්‍ර දේශනා සංක්ෂේපයට පත් කරමින් එක්තරා ආයතනයකින් සරල සිංහල ත්‍රිපිටකයක් ද මුද්‍රණය කරන ලදී. මෙහි දොස් දකින්නට කවුරුත් නැත. නමුත් මා විසින් ලියන ලද ත්‍රිපිටක පරිවර්තනවල දොස් පෙනෙන්නේ මට නින්දා අපහාස කළ පොත ඔස්සේ ය. නමුත් මා භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මාගේ පරිවර්තන පොත් කියවා බලත්වා කියා ය. එවිට ඒ චෝදනාවන්හී ඇති පවිටු බව මැනැවින් දිස්වනු ඇත.

මා බුද්ධ ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කරන බවත්, බුදු පිළිමවලට ගරහන බවත්, ඔවුන්ගේ තව චෝදනාවකි. අඳෙීමැයි! ඒ පොත ලියූ කෙලෙහිගුණ නොදත් අසත්පුරුෂ පොඩි නම අනන්තවත් මහමෙව්නා භාවනා අසපුවේ දී එහි වැඩසිටින බුදුපිළිම වහන්සේ වන්දනා කොට තිබේ. අහස පොළොව නුහුලන මෙවැනි නින්දා අපහාස මිනිස් සිතක පහළ වන්නේ කෙසේදැයි සිතන විට මා පුදුමයට පත්කරවයි. එතරම් ම මේ නමගේ සිත පිරිහී ඇත.

මා අභිධර්මයට අපහාස කරන බවත්, ගරහන බවත් ඒ පොත කියයි. මා කිසිවකු සමඟවත් අභිධර්මයට ගරහා නැත. නමුත් මා සිත තුළ අභිධර්මය පිළිබඳව සැක උපන්නේ පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ අභිධර්ම පරීක්ෂණ පොත කියැවීමෙනි. බොහෝ තෙරුන් වහන්සේලා අභිධර්මය ගැන පිළිගන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ වූ දෙයක් වශයෙනි. එහි වරදක් තිබේ නම් කළ යුත්තේ අභිධර්මයට විරුද්ධව ලියන ලද ඒ පොත් පත් නිවැරදි කිරීමයි. නමුත් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් වී නැත.

අභිධර්මය පිටකය භාවිතා නොකරන නමුත් මහමෙව්නාවේ විනය පිටකයත්, සූත්‍ර පිටකයත් ප්‍රායෝගිකව භාවිතයට ගැනේ. මා අභිධර්මය නොපිළිගන්නා බව පවසමින් මට ගරහන ඒ භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිගන්නේ නම් මට ගරහන මොහොතේ පහළ වූ සිත් පරම්පරාව ගැන අභිධර්මයට අනුව විමසා ගනිත්වා! ත්‍රිපිටකය තබා විනය ශික්ෂාපද තඹදොයිතුවකටවත් ගණන් නොගන්නා මොන තරම් භික්ෂු පිරිසක් මේ රටේ සිටිත්ද? ඒ භික්ෂූන් ත්‍රිපිටකයෙන් එක පිටකයක්වත් විශ්වාස නොකරති.

එවන් භික්ෂූන් පවා මා අභිධර්මය පිළිගන්නේ නැතැයි චෝදනා කරන්නේ අර පවිටු පොත කියැවීමෙනි. අභිධර්මය කෙසේ වෙතත් මුළු සූත්‍ර පිටකයම කියවා ඇති භික්ෂූන් කොතරම් අල්ප ද? අනුන්ගේ ඇස්වල රොඩු සොයමින් ගෝරනාඩු කරන්නට පෙර තමාගේ ඇස්වල ඇති පොල්පරාල ඉවත් කරගත යුතුය.

මහමෙව්නාවෙන් නෙරපා දමන ලද මේ අසත්පුරුෂ දෙනමගේ පවිටු අදහස ඉටුවිය. එනම් සංඝභේදය කිරීමයි.

කෙලෙහිගුණ නොදත්, හිරිඔතප් රහිත, අසත්පුරුෂ දුෂ්ට දෙනමකගෙන් කැලෑ පත්තර හා මඩපොත් කියවන භික්ෂූන් වහන්සේලා එය අනුගමනය නොකරන සේක්වා. අතීතයේ වැඩසිටිය සඟරුවන මෙන් උතුම් සංඝයා වහන්සේ සිහිනුවණින් විමසත්වා. ඒ පවිටුන්ගේ අදහස ඉටු නොකරත්වා. මහමෙව්නාවට වැඩම කොට මා සමඟ සාකච්ඡා කරත්වා. මා කරන සේවය දෑස් විවර කොට නොවක් සිතින් දකිත්වා.

සංඝභේදය යහපත් දෙයක් නොවේ. මහමෙව්නාවේ පිරිසිදු සිල් සුරකින අහිංසක භික්ෂූන්වහන්සේලා පන්සිය නමක් වැඩසිටිති. මේ සිල්වතුන් හා භේද කොට බොහෝ දෙනාට පව් රැස්කරගන්නට මේ පවිටු දෙනම ගත් උත්සාහය ප්‍රහාණය කරත්වා. උතුම් සංඝයා වහන්සේ සමඟි වෙත්වා. ඊර්ෂ්‍යා පරවෂ සිතින් දුරුවී දැහැමි සිතින් පින් රැස් කරගනිත්වා. මේ දෙය බොහෝ දෙනාට හිත සුව පිණිස හේතුවනු ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
-උපුටා ගැනීම අවසන්-
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

පොතක තිබුණා මෙසේ.....



අප රටේ ඉන්න ප්‍රතිභා පූර්ණ ලේඛකයෙක් වන කේ.ජයතිලක ශූරින් විසින් රචිත "මතු සම්බන්ධයි" කෘතියෙන්(122 පිටුව) උපුටා ගත් කොටසක් පහතින් දක්වල තියෙනව.....1975 ලිව්ව කෘතියක් වුණත් කේ.ජයතිලක මහත්මයගේ මේ අදහස් අදටත් කොච්චර ගැලපෙනවද කියල බලන්නකො..විශේෂයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ජේවිපී ඇතුළු අනෙකුත් වාමාංශික පක්ෂ වල සහෝදරයින්ටත් මේ පුංචි අදහස කොච්චර ගැලපෙනවද.......

-උපුටා ගැනීම-
"ඔය තරුණයන්ගෙ ඔක්කොම විවේචන ඒ ගොල්ලන්ට වගකිමක්,නැත්නම් බලයක්,ලැබෙනකල්.ඒ ගොල්ලන්ගෙ යටි හිතේ බලයට ආශාව අළු යට ගිනි පුපුරක් වගෙ දිලිසෙනව.මම මේ දිහා කාලයක් තිස්සේ බොහොම පරීක්ෂාවෙන් බලාගෙන හිටියෙ.හතළිස්,පණස් ගණන්වල හිටන් ලංකාවෙ විශ්ව විද්‍යාලවල හිටපු විප්ලවවාදියො එහෙමම හිටියා නම් අපට ලෝක විප්ලවයක් කරන්න විප්ලවවාදීන් පිටරටවලට අපනයනය කරන්න පුළුවන්.ඔය පීඩිත ජනතාව වෙනුවෙන් ජිවිත දුන්න අතිවිප්ලවවාදීනුත් තමන්ට බලය ලැබුණ දවසෙ දෙකේ මොකක්ද කෙළේ.අර ප්‍රතිගාමීයි කියල හෙළා දකින පාලන තන්ත්‍රයම ඒ ගොල්ලන්ගෙ නායකත්වයෙන් ඇති කරන්න හැදුවා මිසක..?එකම වැරැද්ද ව්‍යාපාරයක්  කාලයක් තිස්සේ ගෙනහින් බලයට පත් වෙන්ට ඉවසිල්ල වත් පුළුවන්කමවත් ඒ ගොල්ලන්ට නෑ.ඒක නිසා විප්ලව‍ය ගැන දේශනා කරල සතුටු වෙනව.තමන්ට ඇමති ධුරයක් දෙනව නම් ප්‍රතික්ෂේප කරන එකම නායකයෙක්වත් දුසිම් ගණන් අද තියෙන ලංකාවේ මාක්ස්වාදී පක්ෂ අතරෙ නෑ.විශේෂයෙන්ම උපුල්ගෙ චරිතයෙ දඩබ්බර ලක්ෂණ මොකුත් නෑ,ඔය හුඟක් මදාවිකාරයන්ගෙ වගේ...."
-උපුටා ගැනිම අවසන්-
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

මෙන්න පොඩි කෙමක්.....

ආසාවට බ්ලොග් එකක හිතට එන නිදහස් අදහස් ලිව්වට මට පරිගණක තාක්ෂණය ගැන නම් මහ ලොකු දැනුමක් නැ...සමා වෙන්න ඕන නොදන්න දෙයක් ගැන ලියනවට...එත් මම අත්දැකපු දෙයක් නිසා මේක ලියල තියන එක හොඳයි කියල හිතුණා..
මම පාවිච්චි කරන්නෙ Bandluxe වර්ගයේ HSPA ඩොංගල් එකක්..රුපියල් 100 මොබිටෙල් කාඩ් එකක් දාලා
වීක්ලි ඩිලයිට් සම්බන්ධතාවය තමයි පාවිච්චි කරන්නෙ..ඒත් රුපියල් 100 දාලා වැඩි වෙලාවක් යන්න කලින් ඒක ඉවර වෙනව...HSPA conceted කියල පෙන්නනුවට පස්සෙන අපි අන්තර්ජාලයට ලොග් වෙන්නෙ...එහෙම ලොග් වෙලා වැඩි වෙලාවක් යන්න කලින් මෙගා බයිට් බර ගණනක් ඉවර වෙලා...හැබැයි මම කියන මේ ක්‍රමයට කලොත් මෙගා බයිට් අඩු ගණනකින් වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන්...කරලම බලන්නකො....
1. සාමාන්‍ය ක්‍රමයට .HSPA conceted වුණාට පස්සෙ අන්තර්ජාලයට ලොග් වෙන්න...කැමති වෙබ් සයිට්       එකකට යන්න...
2. ඒ වෙබ් පිටුව දර්ශනය වුණාට පස්සෙ HSPA සම්බන්ධතාවය විසන්ධිකරන්න..
3. ඊට පස්සෙ දර්ශනය වෙමින් තියෙන වෙබ් පිටුව Minimize කරල HSPA සම්බන්ධතාවය ආයෙත් Conect කරගන්න...
4. ඊට පස්සෙ අර වෙබ් පිටුප Refresh කරල අන්තර්ජාලයේ සැරිසරන්න..

ඔන්න ඕක තමයි මගේ කෙම....
කරල බලන්නකො ...මම කියන දේ ඇත්තද කියල....
එහෙම වෙන්නෙ නැත්නම් මට බනින්න නම් එපා...මේ වැඩේ තාක්ෂණික පැත්ත නම් මම දන්නෙ නැ....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

උපවාසය හා උපවාසය......

ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් අම්පිටියේ සුමන රතන හාමුදුරුවන්ට බැණ වැදුනයි කියන සිද්ධියක් නිසා උන් වහන්සේ මාරාන්තික උපවාසයක් කරනව කියල පුවතක් දැක්ක.ඒත් ඒ පුවත ලංකාවේ කි දෙනෙක් දන්නවද කියල සැකයි.එත් වීරවංශ ඇමති තුමාගේ උපවාසය ....මගෙ අම්මෝ ඒ දවස් දෙකට ලංකාවට සිද්ධ වුණ දෙයක්..පත්තරයක්,ටීවී එකක් බලන්න නෑ ඒ උපවාසය ගැනමයි...රේඩියෝ එකක් අහන්න විදියක් නෑ....ඒ උපවාසය ගැනමයි...ඒත් බුද්ධාගම රැකගන්න ඉන්න ඇමතිවරු(විශේෂයෙන් මහරජ්ජුරුවන්ගේ මල්ලි කෙනෙක්)අපේ අධිකරණ සංඝනායක හිමි නමකට බැණ වැදිල එලව ගන්න එක් ගැන එක මාධ්‍යකවක් කථාවක් නෑ....මොනව කරන්නද අපේ හාමුදුරුවනේ නඩුත්...රජ්ජුරුවන්ගේ...බඩුත් රජ්ජුරුවන්ගේ...මාධ්‍යත් රජ්ජුරුවන්ගේ...අනික මේක සිරි ලංකාව හෙවත් ආසියාවේ ආශ්චර්යයනෙ.....අනේ අම්මප...මෙහෙම රටක්....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

......එජාපයේ කිඹුල් කඳුළු...


පසුගිය දින කීප‍ය තුළ සෑම මාධ්‍යයකම අසන්නට දකින්නට ලැබුණු ප්‍රධානතම මාතෘකාවක් වූයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා ට වර්තමාන ආණ්ඩුවෙන් සිදුවන කෙනෙහෙලි කම් වලට එරෙහි වීම සඳහාත් රටේ පවතින අනෙකුත් පොදු ගැටළු විසඳාගැනීම සඳහාත් විපක්ෂයේ සියළුම පක්ෂ වලට එක්ව තම පක්ෂය  හා අත්වැල් බැඳගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා කළ විවෘත ආරාධනයයි.පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දංගෙඩියට ගිය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් හටගත් අනුකම්පාව මත හෝ දුක්විඳින රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂය මෙම ආරාධනාව කරන්නට ඇතැයි බැලූ බැල්මට පෙනේ.එසේම  එජාපයේ විවිධ මට්ටමේ නායකයින් නිරන්තරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අසාධාරණ චෝදනා මත රඳවා ගෙන ඇති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස හා ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. එජාපය මේ ඉල්ලීම් කරන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතා කෙරෙහි උපන් සැබෑ අනුකම්පාවෙන්ද..?රටේ ජනතාව වෙනුවෙන් උපන් සැබෑ අනුකම්පාවෙන්ද..? නැත...කිසිසේත් නැත.එක්සත් ජාතික පක්ෂ‍ මේ උත්සහාකරන්නේ පසුගිය ජනාධිපත්වරණයේදී සිදුකල ආකාරයටම ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියට දමමින්,ඔහු ප්‍රධාන මාතෘකාව කරගනිමින් තම පක්ෂයේ ඇති යම් යම් අර්බුද යටපත් කර ගැනීමටය.මෙසේ පැවසීමට සාධාරණ හේතු කිහිපයක් ඉදිරිපත් කළ හැක.ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුධ අධිකරණයේදී ඔහුට එරෙහිව සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙ‍විරත්න මහතාගෙන් ඒ පිළිබඳව තවමත් කරුණූ විමසා නැත.එජාපය පොදුවේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ උත්සහායක නිරත වනවා නම්,ඊට එරෙහිව යන තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගන්නා පියවර කුමක්දැයි පැහැදිලි කිරීමක් කර නැත. පක්ෂයේ පොදු මතයට පිටින් යන මන්ත්‍රීවරුන් පිලිබඳව කිසිම ක්‍රියා මාර්ගයක් නොගැනීමෙන් පෙනීයන්නේ වක්‍රාකාරයෙන් පක්ෂයද එම මන්ත්‍රීවරයාගේ මතය,ක්‍රියාකලාපය අනුමත කරන බව නොවේද..?(පාලිත රංගේ බණ්ඩාර මහතාට පහරදීමට අදාල සිද්ධියද මෙසේමය).... එබැවින් තම පක්ෂය තුළම සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම පිළිබඳව එක් මතයක් නොමැතිනම් අනෙක් පක්ෂ වලට ඒ සඳහා ආරාධනා කිරීමේ පදනම කුමක්දැයි නොවැ‍ටහේ. පසුගිය දින කීපයකම විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ ප්‍රබලයින් අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති වරයා මුණ ගැසුණු බව හා ඔවුන් එහදී ඉතා සුහදව සාකච්ඡා කලබව මාධ්‍ය මඟින් දක්නට ලැබුණි.හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ කරමින් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,බඩුමිල අඩුකරන ලෙසත්,රටේ අනෙකුත් ප්‍රශ්න විසඳන ලෙසත් ආණ්ඩුවට බලකරමින්,ජනාධිපතිවරයාට බලකරමින් යටිගිරයෙන් කෑගසන රනිල් වික්‍රමසිංහ ඇතුළ ප්‍රබලයින්ට අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා මුණගැසුන විගස ඒ සියළුම ප්‍රශ්න අමතක වී යයි.ඔවුන් අරලිය ගහ මන්දිරයට ගොඩවැදුණු විගසම සරත් ෆොන්සේකා කෙනෙක් ගැන මතකයක් නැත.බඩු මිල වැඩවීම ගැන මතකයක් නැත.මාධ්‍ය නිදහස නැතිවීම ගැන මතකයක් නැත.වෙන කිසිම රටේ ප්‍රශ්නයක් මතක නැත.ඔවුන්ට ඇති එකම ගැටළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණී. විපක්ෂ නායක ඇතුළු එජාපයේ අනෙකුත් ප්‍රබලයින් ජනාධිපතවරයා සමඟ සතුටු සාමිචියේ යෙදී වෙලාවක් ඉතුරු වූවහොත් සාකච්ඡා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර විධායක අගමැති ක්‍රමයක් සැකසීම පිළිබඳ පමණය.මෙරටේ ජනතාවට දැන් ඇති එකම ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමද.?විධායක අගමැති ක්‍රමයක් ඇති කිරීමද.? නැත..රටේ ජනතාවට ඒවාට වඩා ප්‍රශ්න ඇත.හන්දියක් හන්දියක් ගානේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව උද්ඝොෂණය කරන විපක්ෂ නායක ඇතළු එජාපයේ ප්‍රබලයින්ට ජනතාවගේ එම ප්‍රශ්න පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කට ඇරෙන්නේ නැත.දිව නැමෙන්නේ නැත.ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීමටත්,මුල්‍යමය අංශයෙන් කොටි සංවිධානය ශක්තිමත් කිරීමටත්,ආයුධ බලයෙන් කොටි සංවිධානය ශක්තිමත් කිරීමටත් ප්‍රධානවම ක්‍රියාකල කුමරන් පද්මනාදන්ට(KP) වීරයෙකු ලෙස සලකා නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සුඛ විහරණය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳවත්, යුද්ධය දිනා දීමට දිවිහිමියෙන් කටයුතු කළ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා හටගත් වෛරය මත වෙනත් චෝදනා ගොනු කර  සිරභාරයට ගෙන ඇති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගෙන් එසේ කුහක ආකාරයට පළිගැනීම පිළිබඳව ජනාධිපතිගෙන් ප්‍රශ්න කිරීමටත් විපක්ෂ නායක ඇතුළු එජාපයේ ප්‍රබලයින්ට කට ඇරෙන්නේ නැත.දිව නැමෙන්නේ නැත. ප්‍රශ්න වලට විසඳුම් ලබාගත හැකි හොඳම තැනදී(ජනාධිපති ඉදිරියේදී) ගොළුවත රකින,එවැනි තැන්වලදී වෙන වෙන වල් පල් කථා කරන රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය, ගමේ හන්දි අසල උද්ඝෝෂණ කරමින් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ කරයි. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමටත්,රටේ අනෙකුත් ප්‍රශ්න විසඳාගැනීමටත් තමන් හා එක්වන ලෙස කියන එජාපය, එම පක්ෂ  ඔවුන් හා එකතු වූ පසුද මේ ආකාරයටම ජනාධිපති ලඟ වැඳ වැටීම හැර වෙනත් යමක් බලාපොරොත්තු විය නොහැක.කෙසේ නමුත් මේ දෙය පැහැදිලිය.....ජනතා ප්‍රශ්න විසඳීමටවත්,ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමටවත්,ආණ්ඩු බලය ලබාගැනීමටවත් එජාපයට උවමනාවක් නැත.ඔවුන්ට උවමනා වන්නේ තවත් චිරාත් කාලයක් විපක්ෂයේ රැ‍ඳෙමින් රාජපක්ෂ  පාලනය ශක්තිමත් කිරීම පමණකි.එනම් එජ‍ාපයට රාජපක්ෂ වරුන් විසින්  පවරා ඇති රාජපක්ෂ පාලනය ශක්තිමත් කිරීමේ කොන්ත්‍රාත්තුව රාජපක්ෂ වරු බලාපොරොත්තු වනවාටත් වඩා හොඳින් කිරීම පමණකි.
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed