නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

සිවුරක් පොරවගෙන බුදු දහම විකුණාගෙන කෑම...

අද ලංකාදීප පත්තරේ (2010 නොවැම්බර් මස 21 වැනිදා) 19 පිටුප පුරාම එක්තරා දුරකථන සමාගමක දැන්වීමක් පළවෙලා තිබුණා..මෙන්න මේ විදිහට.....
අතිපූජ්‍ය කිරබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ සහ අතිපුජ්‍ය නාවල පිටියේ ආරියවංශ ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරන්න..
·       මෙම සේවයට ලියාපදිංචි වීමට ඔබගේ ..................................(දුරකථන සමාගමේ නම) දුරකථනයෙන් 500 අමතන්න.විනාඩි 30 ට රුපියල් 30යි.
·       ලියාපදිංචි නොවී මෙම සේවය ලබාගැනීමට 510 අමතන්න.විනාඩියකට රුපියල් 2 යි...
එක්සත් අරාබි කරයේ  සමාගමකට අයත් දුරකථන ජාලයක් එක්ක  එකතු වෙලා නිර්මල බුදු දහම මෙහෙ‍ම විනාඩි ගණනට විකුණන්න සිවුරකුත් පොරවගෙන ඉන්න ඥානානන්ද හාමුදුරුවන්ට විලි ලැජ්ජාවක් නැද්ද... මේ වගේ පහත් ව්‍යාපාරික අරමුණු ඔස්සේ බුදු දහම ප්‍රචාරය කරන අරමුණෙන් නිර්මල බුදු දහම විකූණන එක මොනතරම් පාප කර්මයක්ද...මේ ගැන වැඩිය ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ....අපේ රටේ ඉන්න ඥානවන්ත ස්වාමීන් වහන්සේලා සහ ඥානවන්ත බෞද්ධයින්,නොයෙක් නොයෙක් වේශයෙන් බුදු දහම විකුණන,බුදු දහම විකෘති කරන මේ වගේ සංඝ වේෂ ධාරීන්ගෙන් බුදුදහම රැක ගන්න එකතු විය යුතු කාලය එළඹිලා කියලයි මතක් කරන්නෙ....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

19 comments:

  1. හි,හි අලුත් බිස්නස් එකක් පටන් අරන් වාගෙ.ධර්මය අහන්න විනාඩියකට රුපියලයි!!!දැන් ඉතින් සමහර අය කියයි ඕකෙ අනිත් තාක්ෂණික සේවා වලට මුදල් වැය වෙනවනෙ කියල.ඒ කියන්නෙ එටිසලාට් කොම්පැණියෙ නඩත්තුවලට එහෙම..මොකද මම දැක්ක එක්කෙනෙක් කියල තිබුන කිරිබත්ගොඩ හාමුදුරුවො කැසට් සීඩී ගහල විකුනන්නෙ මහමෙව්නාවෙ ලයිට් බිල්,ෆෝන් බිල් එහෙම ගෙවන්න කියල.අද කාලෙ මොන දේ කරල හරි කමක් නෑ ජනප්‍රිය උනානම් ගොඩම තමා...

    ReplyDelete
  2. ඔය හාමුදුරුවො පස්සෙ යන බත් කන බූරුවන්ට නම් මේව කියල වැඩක් නැ බං...

    ReplyDelete
  3. රුසියාවෙයි ලංකාවෙයි හිටපු මූලධර්මවාදීන් කලේ පිරිසිදු බුදුබණ දේශනා කළ සෝම හාමුදුරුවන්ව මරාගත්ත එක විතරයි...ඒත සිවුරක් පොරවගත්ත මේ ක්‍රිස්තියානී මූලධර්මවාදියා මුළු බුදු දහමම විනාශ කරනව.....මේව කොහෙන් කෙළවර වෙයිද කියලයි හිතා ගන්න බැරි.....

    ReplyDelete
  4. මෙහෙම බැළුවම රැ කෝටියක් විතර තියනවනම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් නේ. ‍අනේ බුදුදහමට ගිය කළක් හැමදේම මුදල් වලට යටවෙන කාලේ මේකත් අහන්න දෙයක්ද. කරාට කමක් නෑ මේ වපුරන දේවල් වලින් අදාල අය ඊලග බව වලදී ඵල නෙලාගනීවි.

    ReplyDelete
  5. මේවා අහනකොට අපිට විද දරාගන්න බැරි ‍බුද්ධාගම ලේ වලට මිශ වෙලා තියන හින්දා වෙන්න ඇති. මේ අය හිතන්නේ රැ ශත වලින් සියල්ල කළ හැකියි කියලා. මෙකෙන් වෙන්නේ මනුෂ්‍ය ආත්මයක් නොමැතිව ඉපදීමට පාර කපා ගැනීම මෙන්ම විදිනකොට ‍‍ොලියත් සමග ගෙවීමට මගපාදා ගැනීමකි.

    ReplyDelete
  6. එහෙම කියන්න එපා බං.....ඒ අහිංසකයත් කීයක් හරි හොයාගන්න එපායැ....එතකොටනේ එයා කියන විදිහට "වහ වහා ධර්මය අවබෝධ වෙන්නෙ"..මේ හාමුදරුවො කරන ඒවට හිනා යන්නෙ මුඛයෙන් නෙවෙයි..අධෝමුඛයෙන්.....හි...හි...හි..

    ReplyDelete
  7. chek vitharak mehema nigantayo

    ReplyDelete
  8. Nigantayo kiwwe..katada.....Etiselat companyatda...kiribathgoda hamuduruwantada...mewa liyata ewuntada

    ReplyDelete
  9. මේ සිවුරක් දරාසිටින හාල්පාරුව කරන දේවල් පස්සෙන් යන උගෙ වැදිබණ අහල අන්ධ වෙච්ච එව්වන්ට කවද තේරෙයිද දන්නෙ නහැ.

    ReplyDelete
  10. ධර්මය විකුනන් කන මේ පොරට කියන්න කියන්න ඕනෙ නිඝන්ට නෙමෙයි මක්ඛලීගෝසාල

    ReplyDelete
  11. යාලුවනෙ ...
    බුදු හාමුදුරුවන්ගෙ කලෙත් ඔයවගෙ අජාසත්තල හීට්යනෙ නෙද.. එ අයට මොකද උනෙ කීයල අපී දන්නවනෙ..අපී බලන ඉදීමු අස් අරගෙන.....

    ReplyDelete
  12. හාමුදුරුවෝ මොන අදහසින් ඕක කලාද දන්නේ උන්වහන්සේම විතරයි. සමහර විට ඕකේ මොකක් හරි හොද දෙයක් ඇති. ඒත් මේ වාගේ දෙකේ කොලේ වැඩ කරන එක ගැන නම් කනගාටුයි. ඔන්න නිකං අහන්න දුන්නා නම් කමත් නැ. සමහර විට මේ හම්බවෙන සල්ලි වලින් බුද්ධාගමේ දියුණුවට යොදවනවාද දන්නේ නැනේ ආයුබෝං..අන්තිමට නඩුයි බඩුයි දෙතකම හාමුදුරුවන්ගේ

    ReplyDelete
  13. Budu Rajanan wahanse gamin gama wadimin un wahanse thaman soyagath ee asirimath dharmaya lokaya hata deshana kala...unwhanse unwahansege shrawakayan hata loku waga keemak pawarwa ema wagakeema nam Dharmaya awabodha kireemath ee dharmaya pracharaya kireemath... ee wagakeema saha Kiribathgoda Gnanananda swamin whanse wisin matha kaale kala sadaham pracharaka sewawath gena balu wita bhagyawathun wahansege anshasanawa ee akarayenma sidu karana wenath Swamin wahanse namak matha kaale lanka dweepaye pahal nowuu tharamya...Ema Dharma pracharaka katayuthuwalata ath welak wemin Etisalat aayathanaya mema aarambha kala sewawa prasansaneeya kriyawak..mak nisada yath sama dema mudal matha theeranaya wana lookayaka anawashya dewal wala kooti gaanak waya karana lookayaka..ema maadyan harahama dharmaya labena wita eya pamanak nomile balaporoththu weema mama dakina aakaarayata etharama niwaradi deyak nowe..mak nisada yath nisakawama etisalat aayathanayata mema katayuththa sadaha yam piriwayak dareemata siduwee athi ewwagema mewani deshana sawan deema sadaha normal calls ganna channels use karanna wena nisa ee sadaha yana wiyadamakda atha...ithin yam kenek meya nomile laba deemata kamaththak athinam ee wiyadama dareemata baara gatha haka ewita me piwithuru dahama lowa pura pracharaya kireeme mahagu sathkarayata obatada daayak wiya haka.

    Theruwan Saranai !!!

    ReplyDelete
  14. ඒ හාමුදුරුවන්ට තනිකර ම ව්‍යාපාරික අරමුණක් තියෙනවා කියල හිතන්න තරම් සාධාරණ හේතු නැහැ නේ ද.? මොක ද http://www.mahamevnawa.blogspot.com/

    මේ සයිට් එකේ ඔය ධර්ම දේශනා සේරම නොමිලේ ම ඩවුන්ලොඩ් කරන්න දෙනව. ඉතින් ව්‍යාපාරික අරමුණක් ම තිබ්බා නම්, ඔය සයිට් එකෙත් ඒව මුදලට විකුණන් තිබ්බා. අනික තමයි, ඒ ඇඩ් එකේ අයවෙන ගාස්තුව පවා දක්වල තියෙනවා මම දැක්කා. ව්‍යාපාරික අරමුණක්ම තිබ්බා නම්, ඒක හංගලා දාන්න තිබ්බ නේ ද..? මොකද ගාන දැම්මහම මිනිස්සු අපහදින්න පුලුවන් කියල පැහැදිලිව ඕන කෙනෙකුට තේරෙනවනේ..

    ඒ නිසා පින් පව් විශ්වාස කරන උදවිය කරුණු හොයල බලල ම කථා කරන එක හොදයි...

    ReplyDelete
  15. තොපිට පිස්සුද යකුනේ...විනාඩි ගණනට ගෙවල බණ ඇහැවිවේ මොන රටේද....ධර්මය කියන්නෙ වෙළඳ භාණ්ඩයක් නෙවෙයි බොලව්......

    ReplyDelete
  16. මම මේ දේශනා අහල බෑලුව.ඔයාලත් අහල බලන්න. ඊට පස්සෙ මේ කරල තියෙන්නෙ හොද දෙයක්ද නරක දෙයක්ද කියල හිතලා බලන්න.

    අරාබි කොම්පෑනියකින් මේ වගෙ දෙයකට අවසර දීපු එකම කොච්චර හොද වෑඩක්ද. ලන්කාවෙ තියෙන දෙශීය කියල කියාගන්න කොම්පෑනි වලින් මොනවද කරල තියෙන්නෙ. බුදු දහමට අගෞරවයක් නරකක් වෙනවට අපි කවුරුත් කෑමති නෑ. නමුත් මෙතන සිද්ද වෙලා තියෙන්නෙ විය යුතු දෙයක්.
    ඒ නිසා, දෑකපු ගමන් කෙන්ති ගන්න එපා. පොඩ්ඩක් හොයල බලලා , මෑදිහත් විදිහට හිතලා බලලා, ස්වාදීන තීරනයක් ගන්න.

    ReplyDelete
  17. මමනම් ගලිගමුවේ හාමුදුරුවන්ගේ උපාසක මහතෙක්. ඒක නිසා මේ හාමුදුරුවෝ මොනවා කීවත් මම දකින්නේ වැරදියි කියලා.

    ReplyDelete
  18. pitin pena de vishvasa karanne netuwa ahalama beluwanam thamai honda! mona honda de kalat veradi dakina minissu innawane!!!!!!

    ReplyDelete
  19. Me mona pissuwakda? mewata keegahana Ubala ara Kaardinal Lankawata apu welawe pirith kiwwa Siwuru Daarinta mokuth nokiyanne ai. Telecom company ekakin apita nikan internet wath denawada? ithin service ekata gaasthu aya kalata mokada wenne?
    apita paare merenna unoth api laga bana poth nethi wenna puluwan. eeth mobile eka laga thibunoth banak ahagena hari merenna meka hoda awasthawak. meka thiyenne kemathi kenekta ahanna witharai. anith ayata web site eken download karanna beri ai?
    dusseelakam karana, kathoolikayinta seth pathana me wage rataka ubala Kiribathgoda Hamuduruwo karana deetama baninne maaraya awesa welada?

    ReplyDelete