නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

සක්විති රැජිණක් අනුරාධපුරයෙන්.......

 
නුගේගොඩ සක්විති රජ්ජුරුවන්ගෙන් පස්සෙ තවත් සත්විති රැජිණක් අනුරාධපුරයෙන් හමුවෙලා කියල පහුගිය දවස් වල මාධ්‍ය වාර්තා පල වුණා..ඒ විතරක් නෙවෙයි ඒ සක්විති රැජිණට අහුවුණ ගනුදෙනුකාරයින්ගේ අඳෝනාත් නිරන්තරයෙන් මාධ්‍ය වල අහන්න දකින්න ලැබුණා...දැනට වාර්තා වෙන විදියට මේ සක්විති රැජින වංචා කරල තියෙන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි පනහකට වැඩි ගණනක්....දැන් මේ සක්විති රැජිණ ළඟ මුදල් තැන්පත් කළ අය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධව එයාලට සහනයක් දෙන්න කියලයි....මේක ලංකාවෙ වුණ පළවෙනි සිදුවීම නෙවෙයි...මීට කලින් ප්‍රමුඛ බැංකුව,සක්විති රණසිංහ,දඩුවම් මුදලාලිලා(දඩුවම්,දැඩිදඩුවම්,මරණ දඩුවම්),ගෝල්ඩන් කී, වගේ ඕන තරම් අත්දැකීම් මේ රටේ ජනතාවට තියෙනව..මීට අමතරව ශ්‍රී  ලංකා මහ බැංකුව මගින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනව මේ වගේ ජාවාරම් කාරයින්ට අහුවෙන්න එපා කියල...ඒක නිසා අනුරාධපුරේ සක්විති රැජිණට අහුවුණ අයට දෙන්න ඕන සහනය මොකක්ද දන්නවද.......එයාල ඔක්කොම ගෝල් ෆේස් පිට්ටනියට ගෙනත් ප්‍රසිද්ධියේ කස පහර දෙන්න ඕනි...එහෙම කළොත් මීට පස්සෙවත් ලංකාවෙ ඉන්න මේ වගේ බත් කන හරක් මීට පස්සෙවත් මේ වගේ ජාවාරම් කාරයින්ට අහුනොවී ඉඳීවි...
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

අවංක බව...


Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

හිස් ඔරුව සහ ඔබ........



තනිව ගඟ තරණයේ යෙදෙන විට මිනිසෙක් ඔරුවකින්......
පාව ආ තවත් හිස් ඔරුවක් සමඟ ගැටුණා.....
කුකුල් කේන්ති කාරයෙකු වූ නමුදු ඔහු.......
ඉක්මන් කෝප නොගත්තේය......නමුත් ....
ඔහු දුටුවා නම් මිනිසෙක් අනෙක් ඔරුවේ.....
නිසැකයෙන්ම ඔහු බණිනු ඇත....
මන්ද....
නොවැලැක් වූ බැවින් අනතුර....
නැවත නැවතත් බණිනු ඇත...ශාප කරනුද ඇත..
මක් නිසාද යත්...
සිටිනා නිසා ඔරුවේ අයෙක්....
නමුත් ඔරුව හිස් නිසා ඔහු කෑ ගැසුවේ නැත...
ඔබට ඔබගේ ඔරුව..හිස් කළ හැකි නම් එලෙස....
ලෝකය නැමති ගඟ තරණය කරන සඳ.....
කිසිවකු ඔබට විරුද්ධව නැගී නොසිටිනු ඇත....
කිසිවකු ඹබට අනතුරක්ද නොකරනු ඇත......
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

සිතන්නට යමක්........




එක්තරා ගල් ලෙනක මිනිසුන් පේළියක් දම්වැල් වලින් බැඳ දමා තිබුණි.ඔවුන් බැඳ දමා තිබූ ආකාරය අනුව ඔවුනට පෙණුනේ ගල්ගුහාවේ පසුපස බිත්තිය පමණි.මෙම මිනිසුන් පේළියට පිටුපසින් ගින්නක් ඇවිලෙමින් තිබූ අතර ගුහාවේ පසුපස බිත්තිය මත වැටුණු ඡායාව පමණක් මිනිසුන්ට පෙණුනි.
            ඔවුන් දුටු එකම දේ මෙම ඡායාව පමණක් බැවින් වෙනස් වෙමින් පවතිණ මෙම ඡායාවන් සත්‍ය ලෙසම පවතින ඒවා බවට ඔවුන් සිතා සිටියහ.මේ අතර එක්තරා මිනිසෙක් ඉමහත් වෙහෙසක් දරා තමා බැඳදමා තිබූ දම්වැල් බුරුල් කරගෙන පසුපස හැරී බැලූවිට ඇවිළෙමින් පවතින ගින්දර දුටුවේය.එම මොහෙ‍ාතේම එම මිනිසා කලින් දුටු ඡායාවන් නියම සත්‍යය නොවන බවටත් ඒවා හුදෙක් බිත්තියෙහි වැටුණු ඡායාවන් පමණක් බවත් තේරුම් ගත්තේය..සමහර විට තවදුරටත් ගත් මහත් වෙහෙසක ප්‍රථිඵලයක් ලෙස මෙම පුද්ගලයා දම්වැල කඩාගෙන එළයට ඇවිත් හිරු එළිය අත් දකින්නට ඇත.....

            අප මුහුණ දී ඇත්තේද ,ගල් ගුහාව තුළ මිනිසුන් මුහුණ පාන ලද අකරතැබ්බයටම‍ය..ලෙනෙහි බිත්තිය මත වූ ඡායාවන් අප ලෝකය ගැන ගොඩනගාගෙන ඇති සංකල්පයන් සේය...දම්වැල් අප බැඳ තබන ආශාවන්ය..අප ලෝකය දකින්නේත් ් පිළිබඳව අපේ අදහස්,අපේ හැඟීම්,අපේ මානසික බැඳීම් වැනි සංකල්ප පරම සත්‍යය ලෙස හඳුනාගනිමිනි.......ඉදින්....අපත් දම්වැල් බිඳ දැමිය යුතු නොවේ ද..?
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

පොඩ්ඩක් හිනා වෙමුද.....(1)


කැලේ එළි කරලා.......

තට්ට හිසක් ඇති  විලියම්ගේ ඔලුවට තමා ළඟ සිටි තම පුතාට මෙසේ පැවසීය..
පුතේ ඉස්සර මේ හරියේ රූස්ස කැලේ...පුංචි අඩිපාරක් විතරයි තිබුණේ....දැන් තමයි මේ එළි කරලා තියෙන්නේ...........


උපැස් යුවළ....

සත් හැවරිදි සුනිමල් තම මව සමඟ ආතම්මාගේ නිවසට ගියේය....එදින නිවසේ ආතම්මා නොසිටි  නමුත් ඇගේ උපැස් යුවල  මේසය මත විය...එය පැළඳූ සුනිමල් තම මවට මෙසේ පවසන්නට විය...
අම්මේ මට දැන් තේරුණේ....ආතම්මා මාව දකින දකින සුරේට මම ලොකුයි කියන හේතුව...


සතුටු දායක ආරංචිය....

පාසැල නිමවී නිවසට පැමිණි සුනිල් තම පියාට මෙසේ පවසන්නට විය...
සුනිමල් -      තාත්තේ ..තාත්තට සුභදායක ආරංචියක් කියන්න තියෙනවා......
පියා     -      ඇත්තද පුතා...කියන්න බලන්න ඒ සුභ ආරංචිය...
සුනිමල් -      තාත්තා මට කිව්වනේ මේ සැරේ පංතියේ මුල් දහ දෙනා අතරට අවොත් මට  
        රුපියල්  තුන්දාහක් දෙනවා කියලා...
පියා     -      ඔව්...ඔව්..පුතා මගේ වචන දෙකක් නෑ...
සුනිමල් -     ඔන්න තාත්තාට එඒරුපියල් තුන්දාහ ඉතුරුයි....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

සියල්ලට මුල....

මගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක හැටියට ධම්ම පදයේ පළවෙනි ගාථාව ඇතළත් කරන්න ඹ්න කියල හිතුවා...


ගාථාව....

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනා සේ පසන්නේන
භාසතී වා කරෝතිවා...
තතෝ නං සුඛ මං චේති
ඡායාව ආනපායිනි...


සිංහල තේරුම.....

කුසල් දහම් වලට සිත මුල් වෙයි.....පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය...එයින් ඔහු පසු පස සැප ලුහුබඳී....අත නොහැර යන සෙවනැල්ල මෙනි.....


සිතුවිලි සිත මුල් කොට උපදින්නේ..
උතුම්ය සිත ඉන් සැප නිපයෙන්නේ..
පහන් සිතින් කී කළ දේ දෙන්නේ..
සැපයි සෙවන මෙන් පසු පස එන්නේ.....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed