නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

අත්තනායක එම් හේරත් මහත්තයෝ.........

ඔබතුමා නිරන්තරයෙන් ජනමාධ්‍ය තුළින් අපේ රටේ ජනතාවට බණ දෙසා බානවනෙ....අනේ මන්ද....හැමදාම එබතුමා ජාතක පොතේ කථා උපුටා දක්වලනෙ බණ දෙසන්නෙ...ඔබ තුමා හැසිරෙන්නෙ ජාතක පොත ඔබ තුමා ලිව්ව වගේනෙ.....ඒත් කියන්න කණගාටුයි ජාතක පොතේ තිබුණ කියල ඔබ තුමා කියන බොහෝ දේවල් පන්සිය පනස් ජාතක පොතේ නම් නැ.....(ඔබ තුමා කියන්නෙ වෙන ජාතක පොතක් ගැනද දන්නෙ නෑ...)යහපත් විදිහට හැසිරෙන විදිහ...යහපත් පවුල් ජීවිතයක් ගත කරන හැටි කියන ඔබ තුමාට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මෙන්න මේ කවිය හොඳට කියවල තේරුම් ගන්න.......රට ඉදිරියෙ විහිළුවක් ...විහිළු සපයන්නෙක් වෙන්නෙ නැතුව....
ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිටි
දුසිරිත් දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බණ වැනි...
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

9 comments:

  1. හරියට හරි.....ඔය යකා ගැන වැඩි විස්තර ඕන නම් පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ සිංහල අධ්‍යන අංශය‍ට කථා කලා නම් දැන ගන්න පුළුවන්...ඕක අමු කුපාඩියෙක්...බණ කියන්නෙ නම් රහත් වෙලා වගේ.....ඕකව මාධ්‍යය ඉස්සරහට ගෙනත් ෆෝම් කරන ස්වර්ණවාහිනියෙ හරීන්ද්‍ර වගේ උන්ට කස පහර ගහන්න ඕනි...අහිංසක මිනිස්සු රවට්ටනවට..

    -පාලිත/මාතර-

    ReplyDelete
  2. ඔය කියන පුද්ගලයාගේ දේශනා නම් මම අහල තියනවා.ඔයාට මේ චෝදනාව ගැන තව විස්තර දන්න පුලුවන්ද?අද කලේ බුදු දහමට මුවා වෙලා ගොඩක් අය තමන්ගේ පෞද්ගලික පාමර්ත ඉෂ්ට කරගන්න උත්සහ කරනවා.අපි පුඋවන් හැම වෙලාවේම අනිත් අය ඒවා ගැන දැනුවත් කරන්න ඕනේ.එත් මේ ලිපිය දාන්න හේතුව මොකද්ද?


    -පාලිත/මාතර-
    මේ ප්‍රකාශ මඩ ගහන්න හදපුව නෙවෙයි කියල ඔප්පු කරන්න පුලුවන්ද?

    ReplyDelete
  3. මමනම් ඔය කියන පුද්ගලය ගැන දන්නෙ නෑ.ඒත් ඔහු තමන්ගෙ වාසියට හරි ප්‍රසිද්ධියට හරි බුදු දහම විකෘති කරල ඉදිරිපත් කරන කෙනෙක්නම් ඒ ගැන සමාජය දැනුවත් කරන එක වැදගත්.

    ReplyDelete
  4. මම මේ ලිපිය දාන්න හේතුව කියන්නම්...සෑම පෝය දිනයකම ස්වර්ණවාහිනියේ යන අමා දහර දහම් සභාව වැඩසටහන අවදානයෙන් බලනව...එක ලඟ වැඩසටහන් තුනකදී මට අත්දකින්න වුන සිද්ධියක් නිසයි මම මේක ලිව්වෙ..මඩ ගහන චේතනාවෙන් නෙවෙයි...ඕන කෙනෙකුට මේ අමාදහර කියන වැඩසටහන අවධානයෙන් බලල මම කියන දේ ඇත්තද කියල බලා ගන්න පුළුවන්...සිද්ධිය බැලූ බැල්මට පොඩි දෙයක් කියල හිතෙයි...ඒත් මම හිතන්නේ ඒක බරපතල වැරැද්දක් කියලයි...මේ සිද්ධිය අවසාන වතාවය වුනේ අද වැඩසටහන තුළදි...මෙන්න මේකයි සිද්ධිය.....
    මෙතුමා හැමදාම ජාතක පොත උපුටා දක්වල කියනව ...ජාත‍ක පොතේ අහවල් අංකයට තියෙනව අහවල් නම තියන ජාතකය කියල ඒ කථාව කෙටියෙන් කියනව...ඉතින් බලන් ඉන්න කෙනටෙ හිතෙන්නෙ ..මෙයා නම් මාර පොරක්...ජාතක කථා පොත කටපාඩම් කියල...ඒත බලන කොට ජාතක පොතේ එයා කියන අජකයට තියෙන්නෙ වෙන ජාතක කථාවක්...මේ දවසක් දෙකක් නෙවෙයි දවස් 3ක්ම මම පරික්ෂා කරල බැලුව...එක දවසක් විතරක් වුණා නම් වරදක් වුණා කියල හිතන්න පුළුවන්..ඒත් දිගින් දිගටම එකම වැරැද්ද වෙන්න බෑනෙ...ඒකයි මම කියන්නෙ මෙයා ජාතක කථා පොතේ තිබුණ කියල එයාගෙ හිතළු කියනව කියලයි..මම නම් හිතන්නෙ....අද කිව්ව ජාතක පොතේ 343 වන ජාතක කථාව තමයි උරග ජාතකය කියල...නමුත් 343 ජාතක කථාව ඒක නෙ‍වෙයි..වෙන එකක්....මම කියන්නෙ.තමන්ගෙ උගත් කම රට ඉදිරියෙ පෙන්නන්න බොරු කියනවට වඩා...ජාතක පොතේ අංක..පිටු අංක කියන්නෙ නැතුව ඒයාගෙ දේශනා ඉදිරිපත් කරන්න බැරිද කියලයි.මේක මඩ ගැසීමක් නෙවෙයි...මම දැක්ක දේ ලිව්වෙ..ඕන කෙනෙකුට පරීක්ෂා කරල බලන්න පුළුවන්...

    ReplyDelete
  5. පුළුවන් පුළුවන්.....
    දවසක් මම අපේ ආයතනයේ දේශනයකට මෙතුමාව ගෙන්න ගන්න කියල 0812388957 අංකයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයට කථා කරල සිංහල අධ්‍යයන අංශය ඉල්ලල..මෙතුමාව සම්බන්ධ කරන්න කිව්වා....එතකොට කථා කල පුද්ලයා කිව්ව දැන් අත්තනායක මහත්තය නෑ..එයාව අල්ලගන්න ඕන නම් ස්වර්ණාවාහිනියට හරි අයි ටී එන් එකට හරි කථා කරන්න කියල...පස්සෙ ඒ පුද්ගලය ඇහැව්ව මොකටද අත්තනායක මහත්තය හොයන්නෙ කියල..මම විස්තරය කිව්ව...අන්න එතකොට කථා කල එ පුද්ලයා මේ අත්තනායක මහත්තය ගැව පුදුම හිතෙන විස්තරයක් කිව්ව..ඒත් මම එක පාරටම ඒක විශ්වාස කලේ නැ..මොකද ඒ කථා කල පුද්ගලය අත්තනායක මහත්තයගෙ තරහ කාරයෙක්ද දන්නෙත් නෑනෙ...පස්සෙ හොයල බලද්දි ඒ කථා ඇත්ත...ඒ කථා මොනවද කියල මම කියන්න යන්නෙ නෑ...ඕන කෙනෙක් ඉන්නවන නම් හොයල බලන්න පුළුවන්...ඒත් අපේ රටේ වගකිව යුතු මාධ්‍ය නාලිකා දැනගත යුතුයි එයාල ජනතාවට අවවාද දෙන්න ගෙන්නන පුද්ගලයො මොන වගේ චරිතයක් තියෙන අයද කියල...
    -පාලිත/මාතර-

    ReplyDelete
  6. ඔකා වල් කුපාඩියෙක්.බණ කියන්න නම් දන්නවා ඒත් හැසිරෙන්නෑ

    ReplyDelete
  7. කතාව ඇත්ත වගේ මචන්.මම පේර ඉඳපු අයිය කෙනෙග් ගෙන් ඇහුව .ඒ අයියත් කිව්වා එහෙම ප්‍රශ්න තියනවා කියල.
    ප්‍රදාන විද්‍යුත් නාලිකාවක් මේවා දැන් දැනම මේ විදිහට හැසිරෙන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි.

    ReplyDelete
  8. ^
    මේ වගේ පුද්ගලයන් බෞද්ද වැඩසටහන් වලට ගෙන්වීම.

    ReplyDelete
  9. කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම : ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ ප්‍රචණ්ඩත්වයෙන්මයි. ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බවට පත් වූ පුද්ගල යන් යනු එක්තරා ආකාරයක හීනමාන යෙන් පෙලෙන කොටසකි. මොවුන් බොහො දෙනෙකු ඉන්ග්‍රීසි නොදන්නා ඒක භාශිකයන්ය. මේ නිසා නවීන දැනුම මොවුන්ට ලැබෙන්නේ සීමිතවය. මොවුන් ලෝකයට විවර වන්නේ තනි ඇසකිනි. විද්‍යාව තාක්‍ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා මොවුන් ගිරා පෝතකයන්සේ වනපොත් කර දැමූ කලා විශයන් ගැනද ගැඹුරු දැනීමක් නොමැත. ඒ නිසා මොවුන් දැනුම පෙන්වන්න කියා බල්ටි ගසන්නේ බුදු දහම පෙරටු කොටගෙනය​. මොවුන් ගේ ඉලක්කය දැනුමින් අඩු ග්‍රාමිය බොදු ජනතාවය. මෙවැනි කණ පන්ඩිතයෙකු වූ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අත්තනායක එම් හේරත් නැමැත්තා පසුගිය​ 15 දා මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති ‘රාවණ බලය’ සමුළු වේදී බුදුදහම උදර පෝෂණය සඳහා විකෘති කරමින් මෙසේ කීවේය​. මුගලන් හාමුදුරුවෝ කියන්නේ හොඳට ගුටිකාලා පුරුදු චණ්ඩි ස්වාමීන්වහන්සේ නමක්. බුද්ධියෙන් විසඳන්න බැරි හැම ප්‍රශ්නයකටම බුදුන්වහන්සේ යැව්වේ මුගලන් හාමුදුරුවන්ව. ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ රචණ්ඩත්වයෙන්මයි. මේ අත්තනායක එම් හේරත් කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම වේ

    ReplyDelete