නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

එකොලොස් ලක්ෂයක් හිටෙව්වා......කීයක් ඉතුරු වෙයිද....?

ජනාධිපති තුමාගෙ දෙවන පදවි ප්‍රාප්තිය මුල් කරගෙන පහුගිය දිනක පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්ව කියල් කව්රුත් දන්න‍වනෙ...මේක බොහොම හොඳ වැඩක් කියල හැමෝම වගේ කියනව....බැලූ බැල්මට එහෙමත් පේනව....ඒත් කවුරුත් නොදකින පැත්තක් ගැන තමයි මේ කියන්නෙ....
උත්සව ශ්‍රීයෙන් හිටවපු පැල හොයාගන්න ඇත්තෙ කොහෙන්ද.........ආකාර දෙකකින් හොයාගන්න ඇති කියල මට හිතෙනව.......
  • පැල තවාන් වලින් මිලදී ගන්න ඇති.......
  • ස්භාවිකව කොහේ හරි වැවිල තිබුණ පැල ගලවල ගේන්න ඇති.......

දැන් මේ දෙක වෙන වෙනම බලමු........

  1. සාමාන්‍ය මිනිහෙක් පැල තවානකින් පැලයක් මිලදී ගන්නෙ ඒ පැලය තමන්ට අවශ්‍ය නිසා.....එහෙම මිලදී ගන්න පැල ගෙනිහින් පරිස්සමට හිටවල බොහොම පරිස්සමට සාත්තු කරල කොහොම හරි ඒ පැලය ලොකු කරගනී.....ඒත් මේ උත්සවයට පැල තවාන් වලින් ගත්ත පැල අර විදිහට පරිස්සමට බලා ගන්නෙ කව්ද.....පාරක් පාරක් ගානෙ ....එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වල පිටිපස්සෙ උත්සවශ්‍රීයෙන් රෝපනය කළ පැල,රුක් රෝපණ උත්සවය ඉවර වෙනවත් එක්කම තනිවෙනව....ඒව රැක බලා ගන්න හිටවපු මැති ඇමතිලත් නෑ.....නිලධාරිත් නෑ...කවුරුවත් නෑ.....කාලයක් ගිහින් මේ පැල මැරිල යාවි....එතකොට මොකක්ද අවසානයේ වුනේ....පැල තවානට පැලත් නෑ......පැල මිලදී ගත්ත සල්ලි නිකං වියමක් කලා විතරයි....

  1. ස්වභාවිකව කොහේ හරි සරුවට වැවිල තිබුණ පැලත් මේ උත්සවයෙදි හිටවන්න ගලවගෙන එන්න ඇතිනෙ......ඒවට අන්තිමට මොකද වෙන්නෙ...ඒවටත් අර කලින් කිව්ව දේම තමයි වෙන්නෙ.....ස්බාවිකව හැදුනනම් සරුවට හැදෙන පැල .....උත්සව තියල රෝපණය කරන්න ගිහින් නිකං මැරිල යන එක තමයි වෙන්නෙ...

පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්වා කියල උදේ හවස අණ බෙර ගහල විතරක් මදි....ඒ පැල රැකගන්න වැඩ පිළිවෙලකුත් සකස් කළා නම් නේද වටින්නෙ....නැත්නම් කෝටි ගණනක් වියදම් කරල උත්සව තියල ........පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්වට....අන්තිමට පැල එකොලහක් වත් ‍ඉතුරු වෙයිද කියලයි.....සැක....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

2 comments:

  1. සහතික ඇත්ත. අපරාදෙ පැල ටික.

    ReplyDelete
  2. මුලින්ම කියන්න ඕන මමත් මේකට හොඳයි කියපු කෙනෙක්..

    http://dreamsofharee.blogspot.com/2010/11/1100003.html

    හැබැයි මම නම් ඇහුනා ප්‍රවෘත්ති වලද කොහෙද කියනවා පැල රැකගන්න වැඩපිලිවලකුත් තියෙනවා කියලා
    හැබැයි ITN ප්‍රවෘත්තිද කියලා මතක නෑ....

    ReplyDelete