නුගේගොඩ සක්විති රජ්ජුරුවන්ගෙන් පස්සෙ තවත් සත්විති රැජිණක් අනුරාධපුරයෙන් හමුවෙලා කියල පහුගිය දවස් වල මාධ්‍ය වාර්තා පල වුණා..ඒ විතරක් නෙවෙයි ඒ සක්විති රැජිණට අහුවුණ ගනුදෙනුකාරයින්ගේ අඳෝනාත් නිරන්තරයෙන් මාධ්‍ය වල අහන්න දකින්න ලැබුණා...දැනට වාර්තා වෙන විදියට මේ සක්විති රැජින වංචා කරල තියෙන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි පනහකට වැඩි ගණනක්....දැන් මේ සක්විති රැජිණ ළඟ මුදල් තැන්පත් කළ අය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධව එයාලට සහනයක් දෙන්න කියලයි....මේක ලංකාවෙ වුණ පළවෙනි සිදුවීම නෙවෙයි...මීට කලින් ප්‍රමුඛ බැංකුව,සක්විති රණසිංහ,දඩුවම් මුදලාලිලා(දඩුවම්,දැඩිදඩුවම්,මරණ දඩුවම්),ගෝල්ඩන් කී, වගේ ඕන තරම් අත්දැකීම් මේ රටේ ජනතාවට තියෙනව..මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනව මේ වගේ ජාවාරම් කාරයින්ට අහුවෙන්න එපා කියල...ඒක නිසා අනුරාධපුරේ සක්විති රැජිණට අහුවුණ අයට දෙන්න ඕන සහනය මොකක්ද දන්නවද.......එයාල ඔක්කොම ගෝල් ෆේස් පිට්ටනියට ගෙනත් ප්‍රසිද්ධියේ කස පහර දෙන්න ඕනි...එහෙම කළොත් මීට පස්සෙවත් ලංකාවෙ ඉන්න මේ වගේ බත් කන හරක් මීට පස්සෙවත් මේ වගේ ජාවාරම් කාරයින්ට අහුනොවී ඉඳීවි...
No comments:
Post a Comment