යමෙකු තමාගේ සත්‍යය ස්වභාවයෙහි නොපිහිටා සිටිනතාක් කරන්නේ ව්‍යාජ චරිතයක් රඟපෑමයි..එවිට ඔහුගේ වචනය ව්‍යාජය..ක්‍රියාව ව්‍යාජය...කාලයක් එසේ ව්‍යාජ චරිතයක ජීවත්වන විට එය තමාගේ සත්‍ය ස්භාවය යැයි යමෙකුට හැඟෙන්නට ඉඩ ඇත.එවිට සිදුවන්නේ මහත් පෙරළියකි.එනම් යම් විටෙක තමාගේ සථ්‍යය ස්වභාවය මතුවෙයි ද ඒ තැනැත්තා එවිට එය තමා නොවේයැයි සිතීමට පෙළඹෙයි..තමාගේ සත්‍ය ස්වභාවය හඳුනාගන්නේ කෙසේ ද..? තමා මවා පෙන්වන සියළු ස්වභාවවලින් සිත නිදහස් වූ විටෙක ඔබට තම සත්‍ය වූ ස්වභාවයට සමීප විය හැකිය.සත්‍ය ස්වභාවයෙහි මූලික ගුණය සිහියයි.අවංක වීම යනු අනෙකක් නොව තමා තමා වශයෙන් ක්‍රියා කිරීමයි.එනම් තමා තමාගේ සත්‍ය ස්වභාවයෙහි පිහිටා සිතීම...කථා කිරීම හා ක්‍රියා කිරීමයි....
(උපුටා ගැනීම - ඒ.එස්.බාලසූරිය මහතාගේ දියබිඳුව තුළ මහ සයුර කෘතියෙනි)
No comments:
Post a Comment