නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

සිතන්නට යමක්........




එක්තරා ගල් ලෙනක මිනිසුන් පේළියක් දම්වැල් වලින් බැඳ දමා තිබුණි.ඔවුන් බැඳ දමා තිබූ ආකාරය අනුව ඔවුනට පෙණුනේ ගල්ගුහාවේ පසුපස බිත්තිය පමණි.මෙම මිනිසුන් පේළියට පිටුපසින් ගින්නක් ඇවිලෙමින් තිබූ අතර ගුහාවේ පසුපස බිත්තිය මත වැටුණු ඡායාව පමණක් මිනිසුන්ට පෙණුනි.
            ඔවුන් දුටු එකම දේ මෙම ඡායාව පමණක් බැවින් වෙනස් වෙමින් පවතිණ මෙම ඡායාවන් සත්‍ය ලෙසම පවතින ඒවා බවට ඔවුන් සිතා සිටියහ.මේ අතර එක්තරා මිනිසෙක් ඉමහත් වෙහෙසක් දරා තමා බැඳදමා තිබූ දම්වැල් බුරුල් කරගෙන පසුපස හැරී බැලූවිට ඇවිළෙමින් පවතින ගින්දර දුටුවේය.එම මොහෙ‍ාතේම එම මිනිසා කලින් දුටු ඡායාවන් නියම සත්‍යය නොවන බවටත් ඒවා හුදෙක් බිත්තියෙහි වැටුණු ඡායාවන් පමණක් බවත් තේරුම් ගත්තේය..සමහර විට තවදුරටත් ගත් මහත් වෙහෙසක ප්‍රථිඵලයක් ලෙස මෙම පුද්ගලයා දම්වැල කඩාගෙන එළයට ඇවිත් හිරු එළිය අත් දකින්නට ඇත.....

            අප මුහුණ දී ඇත්තේද ,ගල් ගුහාව තුළ මිනිසුන් මුහුණ පාන ලද අකරතැබ්බයටම‍ය..ලෙනෙහි බිත්තිය මත වූ ඡායාවන් අප ලෝකය ගැන ගොඩනගාගෙන ඇති සංකල්පයන් සේය...දම්වැල් අප බැඳ තබන ආශාවන්ය..අප ලෝකය දකින්නේත් ් පිළිබඳව අපේ අදහස්,අපේ හැඟීම්,අපේ මානසික බැඳීම් වැනි සංකල්ප පරම සත්‍යය ලෙස හඳුනාගනිමිනි.......ඉදින්....අපත් දම්වැල් බිඳ දැමිය යුතු නොවේ ද..?
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

No comments:

Post a Comment