AlertPay ගිණුමේ සල්ලි Master card/Visa Card වලින් ගන්න ක්‍රමයක් තියෙනවද....
AlertPay ගිණුමේ තියෙන සල්ලි චෙක් පත් වලින් ගෙන්න ගන්නෙ නැතුව Master card/Visa Card වලින් Teller Machine එකකින් ගන්න පුළුවන්ද.....එහෙම ක්‍රමයක් තියෙනවනම් දන්න කෙනෙක් කරුණාකර විස්තර කරල දෙන්නකො......එහෙම කරන්න පුළුවන්නම් ගොඩක්ම ස්තුතියි......
ලිව්වේ
නිශාන්ත
ලියපු වේලාව
23:45
අපේ කෙනෙක් මෙහෙම සම්මාන ගන්නකොට කොච්චර ආඩම්බරද....?
මේ ලිපිය දාන්න හිතුනෙ අද පත්තරේ තිබුණ පොඩි ආටිකල් එකක් දැකල.....ඇත්තටම අපේ ගමේ කෙනෙක්,අපේ ඉස්කෝලෙ කෙනෙක්,අපේ රටේ කෙනෙක් විදේශයකදි මෙහෙම සම්මාන ලබන කොට හිතට දැනෙන සතුට....හිතට දැනෙන ආඩම්බරය කියන්න වචන නෑ නේද.......
ලිව්වේ
නිශාන්ත
ලියපු වේලාව
05:18
සිවුරක් පොරවගෙන බුදු දහම විකුණාගෙන කෑම...
අද ලංකාදීප පත්තරේ (2010 නොවැම්බර් මස 21 වැනිදා) 19 පිටුප පුරාම එක්තරා දුරකථන සමාගමක දැන්වීමක් පළවෙලා තිබුණා..මෙන්න මේ විදිහට.....
අතිපූජ්‍ය කිරබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ සහ අතිපුජ්‍ය නාවල පිටියේ ආරියවංශ ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරන්න..
· මෙම සේවයට ලියාපදිංචි වීමට ඔබගේ ..................................(දුරකථන සමාගමේ නම) දුරකථනයෙන් 500 අමතන්න.විනාඩි 30 ට රුපියල් 30යි.
· ලියාපදිංචි නොවී මෙම සේවය ලබාගැනීමට 510 අමතන්න.විනාඩියකට රුපියල් 2 යි...
එක්සත් අරාබි කරයේ සමාගමකට අයත් දුරකථන ජාලයක් එක්ක එකතු වෙලා නිර්මල බුදු දහම මෙහෙම විනාඩි ගණනට විකුණන්න සිවුරකුත් පොරවගෙන ඉන්න ඥානානන්ද හාමුදුරුවන්ට විලි ලැජ්ජාවක් නැද්ද... මේ වගේ පහත් ව්‍යාපාරික අරමුණු ඔස්සේ බුදු දහම ප්‍රචාරය කරන අරමුණෙන් නිර්මල බුදු දහම විකූණන එක මොනතරම් පාප කර්මයක්ද...මේ ගැන වැඩිය ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ....අපේ රටේ ඉන්න ඥානවන්ත ස්වාමීන් වහන්සේලා සහ ඥානවන්ත බෞද්ධයින්,නොයෙක් නොයෙක් වේශයෙන් බුදු දහම විකුණන,බුදු දහම විකෘති කරන මේ වගේ සංඝ වේෂ ධාරීන්ගෙන් බුදුදහම රැක ගන්න එකතු විය යුතු කාලය එළඹිලා කියලයි මතක් කරන්නෙ....
ලිව්වේ
නිශාන්ත
ලියපු වේලාව
00:16
රටේ පැතුම......
පුරා වසර තිහක් පැවති රුදුරු ත්‍රස්තවාදය මෙරටින් මුලුනුපුටා දැමීමට සෘජු තීරණයක් ගත්,දේශීය හා ජත්‍යන්තර බලවේග හමුවේ නොසැලී එම තීරණ්‍ය ක්‍රියාත්මක කර ශ්‍රී ලාංකීය ජාතියටම නිදහසේ අරුණළු ගෙන ආ නායකයාණෙනි.....
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි.....
ඔබට සුභ උපන් දිනයක් වේවා...
දිනූ රට ගොඩනගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා......
දේශපාලන භේදයකින් තොර අප සැමගේ පැතුම එයයි...
ලිව්වේ
නිශාන්ත
ලියපු වේලාව
00:49
එකොලොස් ලක්ෂයක් හිටෙව්වා......කීයක් ඉතුරු වෙයිද....?
ජනාධිපති තුමාගෙ දෙවන පදවි ප්‍රාප්තිය මුල් කරගෙන පහුගිය දිනක පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්ව කියල් කව්රුත් දන්නවනෙ...මේක බොහොම හොඳ වැඩක් කියල හැමෝම වගේ කියනව....බැලූ බැල්මට එහෙමත් පේනව....ඒත් කවුරුත් නොදකින පැත්තක් ගැන තමයි මේ කියන්නෙ....
උත්සව ශ්‍රීයෙන් හිටවපු පැල හොයාගන්න ඇත්තෙ කොහෙන්ද.........ආකාර දෙකකින් හොයාගන්න ඇති කියල මට හිතෙනව.......
- පැල තවාන් වලින් මිලදී ගන්න ඇති.......
- ස්භාවිකව කොහේ හරි වැවිල තිබුණ පැල ගලවල ගේන්න ඇති.......
දැන් මේ දෙක වෙන වෙනම බලමු........
- සාමාන්‍ය මිනිහෙක් පැල තවානකින් පැලයක් මිලදී ගන්නෙ ඒ පැලය තමන්ට අවශ්‍ය නිසා.....එහෙම මිලදී ගන්න පැල ගෙනිහින් පරිස්සමට හිටවල බොහොම පරිස්සමට සාත්තු කරල කොහොම හරි ඒ පැලය ලොකු කරගනී.....ඒත් මේ උත්සවයට පැල තවාන් වලින් ගත්ත පැල අර විදිහට පරිස්සමට බලා ගන්නෙ කව්ද.....පාරක් පාරක් ගානෙ ....එහෙම නැත්නම් රාජ්‍ය ආයතන වල පිටිපස්සෙ උත්සවශ්‍රීයෙන් රෝපනය කළ පැල,රුක් රෝපණ උත්සවය ඉවර වෙනවත් එක්කම තනිවෙනව....ඒව රැක බලා ගන්න හිටවපු මැති ඇමතිලත් නෑ.....නිලධාරිත් නෑ...කවුරුවත් නෑ.....කාලයක් ගිහින් මේ පැල මැරිල යාවි....එතකොට මොකක්ද අවසානයේ වුනේ....පැල තවානට පැලත් නෑ......පැල මිලදී ගත්ත සල්ලි නිකං වියමක් කලා විතරයි....
- ස්වභාවිකව කොහේ හරි සරුවට වැවිල තිබුණ පැලත් මේ උත්සවයෙදි හිටවන්න ගලවගෙන එන්න ඇතිනෙ......ඒවට අන්තිමට මොකද වෙන්නෙ...ඒවටත් අර කලින් කිව්ව දේම තමයි වෙන්නෙ.....ස්බාවිකව හැදුනනම් සරුවට හැදෙන පැල .....උත්සව තියල රෝපණය කරන්න ගිහින් නිකං මැරිල යන එක තමයි වෙන්නෙ...
පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්වා කියල උදේ හවස අණ බෙර ගහල විතරක් මදි....ඒ පැල රැකගන්න වැඩ පිළිවෙලකුත් සකස් කළා නම් නේද වටින්නෙ....නැත්නම් කෝටි ගණනක් වියදම් කරල උත්සව තියල ........පැල එකොලොස් ලක්ෂයක් හිටෙව්වට....අන්තිමට පැල එකොලහක් වත් ඉතුරු වෙයිද කියලයි.....සැක....
ලිව්වේ
නිශාන්ත
ලියපු වේලාව
22:26
Subscribe to:
Posts (Atom)