නිදහස් අදහස් නිදහසේ ලියන්න හොඳම තැන...

පොඩ්ඩක් හිනා වෙමුද.....(1)


කැලේ එළි කරලා.......

තට්ට හිසක් ඇති  විලියම්ගේ ඔලුවට තමා ළඟ සිටි තම පුතාට මෙසේ පැවසීය..
පුතේ ඉස්සර මේ හරියේ රූස්ස කැලේ...පුංචි අඩිපාරක් විතරයි තිබුණේ....දැන් තමයි මේ එළි කරලා තියෙන්නේ...........


උපැස් යුවළ....

සත් හැවරිදි සුනිමල් තම මව සමඟ ආතම්මාගේ නිවසට ගියේය....එදින නිවසේ ආතම්මා නොසිටි  නමුත් ඇගේ උපැස් යුවල  මේසය මත විය...එය පැළඳූ සුනිමල් තම මවට මෙසේ පවසන්නට විය...
අම්මේ මට දැන් තේරුණේ....ආතම්මා මාව දකින දකින සුරේට මම ලොකුයි කියන හේතුව...


සතුටු දායක ආරංචිය....

පාසැල නිමවී නිවසට පැමිණි සුනිල් තම පියාට මෙසේ පවසන්නට විය...
සුනිමල් -      තාත්තේ ..තාත්තට සුභදායක ආරංචියක් කියන්න තියෙනවා......
පියා     -      ඇත්තද පුතා...කියන්න බලන්න ඒ සුභ ආරංචිය...
සුනිමල් -      තාත්තා මට කිව්වනේ මේ සැරේ පංතියේ මුල් දහ දෙනා අතරට අවොත් මට  
        රුපියල්  තුන්දාහක් දෙනවා කියලා...
පියා     -      ඔව්...ඔව්..පුතා මගේ වචන දෙකක් නෑ...
සුනිමල් -     ඔන්න තාත්තාට එඒරුපියල් තුන්දාහ ඉතුරුයි....
Stumble
Delicious
Technorati
Twitter
Facebook
Yahoo
Reddit
Feed

No comments:

Post a Comment